අටලුගමදී පොලිසියට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි

28

මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා බණ්ඩාරගම, අටලුගම, මරාව ප්‍රදේශයට ගිය පොලිස් කණ්ඩායමකට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වූ ෂාරිෆ් රිෆායි හෙවත් ගොටුකොළ රිෆායි නමැත්තා අත්අඩංගුවට ගැනුණු බව පොලිසිය පවසනවා.

පොලිසිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සිටි අදාළ සැකකරු පොලිසිය මගහරිමින් සිටියදී බන්ඩාරවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ(17) බලංගොඩ, කල්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර සිදුවීමට අදාළව මින් පෙර අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් පස් දෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 24 වැනිදා දක්වා බන්ධනාගාර ගත කර තිබෙනවා.

Your Comments