UNP ය හෙට රැස්වෙයි….රනිල් පාර්ලිමේන්තුවට ?

94

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර රැස්වීමක් හෙට සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ඇතුළු පක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියා මාර්ග ගැන සාකච්ජා කිරීමට නියමිතයි.

රටේ පවතින තත්වය මත රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුබවට පක්ෂයට සම්බන්ඳ පිරිස් අදහස් පල කර තිබුණා.

පසුගිය සිකුරාදා දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ එම රැස්වීම අවලංගු කෙරුණේ කෝවිඩ් තත්වය හේතුවෙන්.

Your Comments