Happy Birth Day චමත්කා

13

චමත්කා ලක්මිණී කියන්නේ රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපන ශිල්පිනියක් ලෙසින්ද හඳුනා ගන්න හැකි සුරූපිනියක් වෙනවා .

සිනමා නිළියක් ලෙසින් තමයි ඇයව වැඩිපුර දැක ගන්න ලැබෙන්නේ .

ඇය මුලින්ම සිනමා රංගනයට පිවිසෙන්නේ සරුංගල්” චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රංග දක්වමින් . ඇය එම චරිතය වෙනුවෙන් ජනාධිපති කුසලතා සිනමා සම්මානයක් පවා දිනා ගනු ලැබුවා.

ඉන් පසු සමාජයේ ආන්දෝලනාත්මක කතා බහට ලක් වෙන චරිතයක් නිරූපනය කරමින් සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ “හුස්ම” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා ඇය රංගනයෙන් දායක වුණා .

රංගන ශිල්පිනියක් ලෙස කලාවට සම්බන්ධව කටයුතු කරන ඇය මේ වන විට පුංචි පුතෙකුගේ මවක්ද වෙනවා .

අද දිනයේ උපන් දිනය සමරන ඇයට සුබ උපන් දිනයක් වේවා කියා අපිත් සුබ පැතුම් එක් කරමු .

 

Your Comments