Comment කරන්න කලින් නැවත හිතන්න – රොෂාන්ගෙන් ඉල්ලීමක්

24

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවනගේ පුතු මිනෙත්ගේ පළමු උපන් දිනය උත්සවශ්‍රීයෙන් පසුගියදා පැවැත්වුණානේ.

ඉතින් එදින ඡායාරූප මුහුණු පොතට එක් කිරීමත් සමඟ බොහෝ රසිකයින් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දක්වලා තිබ්බා. ඒ අතර ඇතැම් රසික ප්‍රතිචාර නිසා රොෂාන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ ඉල්ලීම තමයි

“මේ වගේ comments දාන්න කලින් පොඩ්ඩක් කල්පනා කරන්න. තමන් ගේ සතුටට හැමෝම උත්සව ගන්නවා ඒ වගේම දාන මානත් අපි දෙනවා, හැබැයි කලාකරුවෙක් උත්සවයක් ගත්තොත් හැමෝම අහනවා ” දුප්පත් අයට දානයක් දුන්නා නම් ගොඩාක් වටිනවා ” වැනි දේවල්. ඒ අය කවදාවත් උත්සව තියන් නැද්ද? අපි කරන පිං කම් හැම දෙයක්ම දාන්න ඕනෙද?”

 

Your Comments