හොලිවුඩ් තරු සමාජ මාධ්‍ය එපා කියයි

127

හොලිවුඩ් තාරුකාව කිම් කාර්ඩාෂියන් වෙස්ට් සහ තවත් ප්‍රසිද්ධ පුද්ගලයින් රාශියක් “වෛරය, ප්‍රචාරය සහ වැරදි තොරතුරු” පැතිරවීමට විරෝධය පළකිරීම සඳහා තම ෆෙස් බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, වටස්ඇප් සමාජ මාධ්‍ය ගිණුම් අද අක්‍රීය කරගෙන ඉවත්වන බව ප්‍රකාශ කර තිබෙනවා.

ෆෙස් බුක් ඉන්ස්ටර්ග්‍රෑම් ඇතුළු ප්‍රධාන සමාජ ජාලාවලින් මෙම ප්‍රසිද්ධ තාරකාවන් දිනකට හෝ ඉවත්වීම එම ජාලා වල ආදායමට බලපාන බවද

“සමාජ මාධ්‍යවල බෙදාගෙන ඇති වැරදි තොරතුරු බරපතල ලෙස ජීවිත වලට බලපායි” යනුවෙන් කාර්ඩාෂියන් වෙස්ට් ඊයේ ප්‍රකාශයක් ද නිකුත් කර තිබුණා.

ඇය වැඩිදුරටත් කියා සිටින්නේ,
“වෛරය, ප්‍රචාරය සහ වැරදි තොරතුරු පැතිරවීමට මෙම සමාජ ජාල වේදිකා දිගින් දිගටම ඉඩ දෙන බැවින් අපට නිහඩව සිටිය නොහැකිය. අපගේ ප්‍රජාතන්ත්‍රවාදයට හා නිදහසට එය බාධාවක් බවයි.

වර්ජනය සඳහා සහභාගී වීමට එකඟ වූ අනෙකුත් ජනප්‍රිය පුද්ගලයින් අතර නළු ලෙනාඩෝ ඩිකැප්‍රියෝ, සාචා බාරොන් කොහෙන් සහ ජෙනිෆර් ලෝරන්ස් මෙන්ම ගායිකා කැතී පෙරී ද වනවා.

 

Your Comments