හවුලේ වැඩ කරලා තියෙන හොඳ හිත නැති කරගන්න මම කැමති නෑ

37

පබෝධා සංදීපනී‍ කියන්නේ අම්මාගේ සුලැඟිල්ලේ එල්ලී ගෙන කලාවට ආ දක්ෂ රංගන ශිල්පිනියක්. එදා වගේම අදටත් ඇය සුන්දරයි.

විවාහ වුණා, දරුවා ලැබුණා කියලා වෙනසක් නෑ. පබෝධා ඉස්සර හිටිය වගේමයි. දවසින් දවස තරුණ වීමේ රහස මොකක්ද?

හැම දෙයක්ම අපි මනසින් හදා ගන්න දේවල්. හැඩරුව වුණත් එහෙමයි. මම හිතන්නෙ මම වයසට යන්නෙ නෑ කියලා. මම වයසයි කියලා මටවත් හිතෙන්නෙ නෑ.

පබෝධා මානසිකව ශක්තිමත් කියලද කියන්නෙ?

ඔව්. මම මානසිකව ශක්තිමත් කෙනෙක්. ජීවිතේ එන ප්‍රශ්නවලදි මම මනසින් වැටෙන්නෙ නෑ. ඒ වගේම මම මගේ පාඩුවෙ ඉන්න කෙනෙක්.

පබෝධාගෙ මව් පාර්ශ්වයේ හැමෝම කලාවට සම්බන්ධයි. පවුලේ සාමාජිකයන්ට විවිධ හැකියාවන් තියෙනවා. මේ හැමෝම එකතු කරගෙන චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක් වුණත් නිෂ්පාදනය කරන්න බැරිකමක් නෑ..?

නිවී සැනසිල්ලෙ හිතද්දි ඒ අදහසෙත් වැරැද්දක් නෑ.. නළු නිළියො විතරක් නෙමෙයිනේ අපේ පවුලේ ඉන්නේ. වේෂ නිරූපණ ශිල්පීන් ඉන්නවා. ලොකු අයියා බිමල් වුණත් හොඳ කැමරා ශිල්පියෙක්නේ. අදහස නම් නරක නෑ. හවුලේ වැඩ කරලා තියෙන හොඳ හිත නැති කරගන්නත් මම කැමති නෑ.

පුතා නිසා අනාගත බලාපොරොත්තු ගොන්නක් ඇති?

පුතා තමයි ලොකුම බලාපොරොත්තුව. පුතාව හොඳ මනුස්ස‍යෙක් කරන්න ඕනෑ. හොඳට උගන්නන්න ඕනෑ. ඒ වෙනුවෙන් තමයි මම වෙහෙසෙන්නේ.

Your Comments