‘සූරා රායි පොට්රු ‘ දමිළ චිත්‍ර පටිය මේ වන විට අන්තර්ජාලය හරහා සිනමා ලෝලීන්ට නරඹන්නට අවස්ථාව ලැබී තිබෙනවා .
කාගේත් සිත් දිනා ගත් දකුණු ඉන්දීය සුපිරි නළු සූර්යා විසින් මෙම සිනමා පටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබනවා .
චිත්‍ර පටිය බැලීමෙන් පසුව එහි සුර්යාගේ රංගනය ගැන බොහෝ දෙනා අගය කොට තිබුනා .
ඔහුගේ සමකාලීන හා සහෝදර කලා කරුවන් රැසක් ද සුර්යාගේ රංගනය පැසසුමට ලක් කොට තිබුනා .
ඒ අතර මහේෂ් බාබු ,ප්‍රභූ දේවා ,කමල් හසන් යන කලා තරු මොහුගේ රංගනය ඉහළින්ම අගය කොට තිබුන බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ .
Your Comments