සුරේන්ද්‍ර පෙරේරා කියන්නේ පසු ගිය කාලය තුල ලංකාවේ ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගිය ගායන ශිල්පියෙක් වෙනවා . ඒ කාලයකට කලින් පැවති එක්තරා රියැලිටි තරගාවලියක් හරහායි .
ඔහු වඩාත් ජනප්‍රියත්වයට පත් වුණේ එච්.ආර්.ජෝතිපාල මහතාගේ ගීත ගයනා කීරීම සමගයි .
ඉතින් ඔහු නිහඩව තම ගමන යන ගායන ශිල්පියෙක් වෙනවා. වැඩිපුර මාධ්‍ය තුලින් වුනත් දකින්න නොලැබෙන කෙනෙක් තමයි සුරේන්ද්‍ර කියන්නේ .
ඔහුගේ ජිවිතයේ නව වෙනසක් සිදු වීමට නියමිත බවයි නවතම ආරංචි මාර්ග පවසන්නේ . ඒ තමයි ඔහු විවාහයකට සුදානම් වන බවට පුවත .
දැන ගන්න ලැබෙන විදියට නම් ඔහු විවාහ වීමට සිටින තැනැත්තිය ක්ෂේත්රයට සම්බන්ධ කෙනෙක් නම් නෙමෙයිලු . ඇය ගැන පසුවට තොරතුරු කියන්නම් කියලත් ඔහු කිව්වා .
මේ වෙනකොට ගීත කිහිපයක්ම නිර්මාණය කරලා තියෙනවලු ඔහු . ඔහුගේ යූ ටියුබ් නාලිකාව ඔස්සේ හස මාධ්‍ය නාලිකා ඔස්සේත් ඔහුගේ ගීත ප්‍රචාරය වෙනවලු .
දැනට ප්‍රචාරය නිකරන ලද ගීතත් කිහිපයක්ම තියෙනවා කියලත් ඔහු කිව්වා .
ඔහුට වැඩිපුරම ප්‍රතිචාර තියෙන්නේ එච්. ආර්. ජෝතිපාල මහතාගේ ගීත ගායනා කරනවට කියලයි කිව්වේ .
සුරේන්ද්‍ර නිතරම වගේ මාධ්‍ය තුලින් දකින්න නොලැබුනත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය ඔහූට හැමදාමත් පවතිනවා කියලත් ඔහු කියා සිටියා .
2021 වසරේදී අලුත් වෙන්න නියමිත ඔහුගේ ජීවිතයටත් අනාගත නිර්මාණ වලටත් අපි හදවතින්ම සුබ පැතුම් එකතු කරමු .
Your Comments