සුරූපී ඉන්දීය නිලි Mouni Roy

14
Mouni Roy කියනවට වඩා ඇයව දුටු ගමන් කවුරුත් ඇයව හදුනන්නේ ශිවන්‍යා යන නමින්.  ජනප්‍රිය ඉන්දීය ටෙලි නිර්මාණයක් වන naagin ටෙලි නාට්‍යයේ කොටස් කීපයක්ම පවතිනවා. එම මෙගා නාට්‍ය තුලින් ඉන්දීය මෙන්ම ලාංකික රසික ජනතාවගේත් සිත් දිනා ගත් නිලියක් තමයි මවුනි කියලා කියන්නෙ.
ඇයට ආදරය කරන ගොඩාක් දෙනා ඇය ගැන තොරතුරු දැන ගන්න කැමති ඇති.
ඉතින්  ඒ නිසාම ඇය ගැන පුංචි තොරතුරු ටිකක් ඔබට කියන්න හිතුනා .
මවුනිගේ nick name එක ශිවන්ගි කියලත් කියනවාලු ඒ වගේම මාන්‍යා කියලත් කියනවලු. ඇය රංගන ශිල්පිනියක්,නිරූපන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් විදියටත් කටයුතු කරනවා.
උස අඩි 5.5ක් වෙනවා .ඒ වගේම සුරූපී ඇයගේ වයස අවුරුදු 35ක් කියලයි ආරංචිය.
ඇය ජීවත් වන්නේ ඉන්දියාවේ මුම්බායි නගරයේ. ඒ වගේම ඇය ඉන්දීය ජාතික හින්දු ආගමික කාන්තාවක් වෙනවා.
දිල්ලියේ විශ්ව විද්‍යාලයකින් ඇය අධ්‍යාපනය හදාරලා තියෙනවා. ඇය උපාධි දාරිනියක් වෙනවා.
මව පියා සහ සහෝදරයෙක් තමයි ඇයගේ පවුලේ සිටින්නේ.
මේ වන විට ඇය චිත්‍රපට සදහාද රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා.
පොත් කියවන එක ට්‍රැවලින්ග් ,සහ පේන්ටින්ග් ඇයගේ විනෝදාංශයන් වෙනවා.බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් ඇයට හිමී.
මේ වෙනතෙක් නම් ඇය විවාහ වී නෑ කියලා තමා ආරංචිය.
ඉතින් මේ තමයි ඔබ ආදරය කරන ඉන්දීය රංගන ශිල්පිනී මවුනි රෝයිගේ ඔබ නොදත් තොරතුරු.

Your Comments