දකුණු ඉන්දීය චිත්ර පටියක් වන ‘වලීමාලී ‘ සිනමා පටයෙහි රූපගත කිරීමක් අතරතුර අනතුරකට ලක් වූ බොලිවුඩ් නළු අජිත් කුමාර් මේ වන විට විවේක සුවයෙන් සිටින බව දැන ගැනීමට ලැබෙනවා .
ඔහු මේ වන විට වලීමාලී චිත්ර පටියේ රූ ගත කිරීම් මාසයක කාලයකට නවතා ඇති බවයි ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ .
ඔහුට සිදු වූ මෙම අනතුර හේතුවෙන් අජිත් කුමාර් අබාධයකට ලක්ව ඇත .
එබැවින් වෛද්යය වරුන් උපදෙස් දී ඇත්තේ මාසයක පමණ කාලයක් ඔහුට විවේකීව කල් ගත කරන ලෙසයි .
මෙහි ඉතිරි රූ ගත කිරීම් මෙම මස අවසාන සතියේ ආරම්භ කිරීමට නියමිතයි .
Your Comments