සුපිරි නළු හේමාල් රගන ‘සෙකන්ඩ් ෂෝ’ ප්‍රදර්ශනයට සූදානම්

13

අපේ රටේ ජනප්‍රිය මෙන්ම කඩවසම් නළුවෙක් වන හේමාල් රණසිංහ රගන කොලිවුඩ් චිත්‍ර පටියක් වන ‘සෙකන්ඩ් ෂෝ’ චිත්‍ර පටයේ නිෂ්පාදන කටයුතු අවසන්ව ප්‍රදර්ශනයට සැකසෙමින් පවතින බව ආරංචි වනවා .

ඉන්දීය දමිළ ජාතික A.T. Gnanam විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍ර පටයේ ප්‍රධාන චරිත සඳහා හේමාල් රණසිංහ, ජනප්‍රිය මරාති නිළි පල්ලවී, සුභාෂ් සහ කොලිවුඩ් ෆිල්ම් ෆෙයාර් සම්මානලාභි නළු අජ්මල් අමීර් යන අය රංගනයෙන් දායක වනවා .

මෙම චිත්‍ර පටය රූගත කිරීම් සිදු කොට ඇත්තේ එංගලන්තයේදී.

මෙය දමිළ සහ සිංහල යන භාෂා ද්විත්වයෙන්ම රූපගත කොට තිබීම විශේෂත්වක් .

හේමාල්ගේ රංගනය ඇතුළත් පළමු විදෙස් චිත්‍රපටය මෙය වනවා .

හේමාල් රණසිංහගේ ඉන්දියානු සිනමා ආගමනයට’ සෙකන්ඩ් ෂෝ’ හොඳ පිටිවහලක් වේ යැයි අපිත් විශ්වාස කරමු .

Your Comments