සහයක අරක්කැමි බකිංහැම් මාලිගයේ රැජිණගේ බඩු සොරකම් කරලා කරලා

5

එංගලන්තයේ බකිංහැම් මාලිගාවේ සිටි අරක්කැමි සහායකයෙකු රැජිණට අයත් වටිනා භාණ්ඩ රැසක් සොරාගෙන ඇති පුවතක් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා .

කොරෝනා වසංගතය හේතුවෙන් රැජිණ සහ ඇයගේ සැමියා වන පිලිප් කුමරු පිටිසර බද පිහිටි ඔවුන්ගේ මාලිගයක මේ දිනවල වාසය කරයි .

ඒ හේතුවෙන් මාලිගය වසා දමා ඇත .ඒ අතර තුර කාලයේදී මාලිගාව බලා ගැනීමට සිටි අරක්කැමි සහායකයෙකු විසින් රැජිනට අයත් ස්ටර්ලිිිින් පවුම් ලක්ෂයක් වටිනා පදක්කමක් සහ තවත් වටිනා භාණ්ඩ රැසක් සොරකම් කර ඇති බව වාර්තා වේ .

ඒ අතර , ඇති ඇතැම් භාණ්ඩ බ්‍රිතාන්‍ය පවුම් 10,000 සිට 100,000 දක්වා වටිනාකම් සහිත ඒවා බව මාලිගාවේ ප්‍රකාශකයෙකු පවසා සිට ඇත .

ඔහු මෙම භාණ්ඩ සොරකම් කර අනතුරුව e -bay හරහා වෙන්දේසි කොට විකිණීමටද කටයුතු කර තිබේ.

ඒ භාණ්ඩ වල සැබෑ වටිනාකම් වලට වඩා ඉතාමත් අඩු අගයකටයි .

කෙසේ වෙතත් මොහු අධිකරණය ඉදිරියේදී තමන් සොරකම් කල බවට වරද පිළිගෙන ඇති බවයි බ්‍රිතාන්‍ය මධ්‍ය වාර්තා කරන්නේ .

Your Comments