ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු සහ කඩුලු ලාභියා සුපිරි ක්‍රීඩක ධනංජය

18

තරග හතරකට ක්‍රීඩා කර ලකුණු 206ක් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක සමත්ව තිබෙනවා.

විශේෂත්වය ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට ඔහුට හැකියාව ලැබීමයි.
ඒ හතරේ පහරවල් 17 ක් සහ හයේ පහරවල් තුනක්ද ඇතුලත්ව යි.
දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක මෙම ලකුණු ලාභීන් අතර දෙවන තැන හිමි කර ගනු ලබනවා.
ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 197 ක්.
කැන්ඩි ටස්කර්ස් හි ක්‍රීඩක කුසල් මෙන්ඩිස් එහි තෙවන ස්ථානය ලබා ගනු ලබනවා.
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ දක්වා තරග 10ක් පවත්වා තිබෙනවා.

Your Comments