ශලනි තාරකා “Negative”

93

බණ්ඩාරවෙලදී PCR පරීක්ෂණයට ලක් කළ ශලනි තාරකා ඇතුලු ටෙලිනාට්‍ය කණ්ඩායමේ 25 දෙනාගේ පරීක්ෂණ ප්‍රතිපල මේ වනවිට ලැබී ඇති අතර ඒ සියල්ල ‘නෙගටිව්’ බව වාර්තා වනවා.

පසුගිය දිනෙක බණ්ඩාරවෙල නගරයේ මෙම නාට්‍යයේ රූගත කිරීම් පැවැත්වී ඇති අතර ගම්වැසියන් පිරිසක් විසින් ඊට විරෝධය පළ කළා.

ඔවුන්ව නිරෝධායනයට යොමු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්. රංජිත් දිසානායක මහතා කියාසිටියේ තමාට ඉහලින් ලැබුණු උපදෙස් මත ඔවුන්ව දින 14 ක කාලයකට නිරෝධායනයට ලක් කළ ද දැන් එහි තත්ත්වය වෙනස් වී ඇති බවයි.

එමෙන්ම අවසන් තීන්දුවක් ගත යුත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් බව ද ඔහු කියා සිටියේය.

බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. කේ. ලක්නාත් එම්. වීරසේකර මහතා කියා සිටියේ , “Can you hear Me” ටෙලිනාට්‍යයේ රූගත කිරීමේ කටයුතු කරගෙන යාම සදහා සෞඛ්‍ය උපමාන කිහිපයක් පිළිබඳව අදාල පාර්ශව දැනුවත් කල බවයි.

කෙසේවෙතත් එම ටෙලියේ අධ්‍යක්ෂ සුනිල් කොස්තා මහතා සඳහන් කළේ ඇති වූ තත්ත්වයත් සමඟ මේ වන විට සිය කණ්ඩායම තුළ නිර්මාණයක් කිරීමට තරම් හොඳ මානසිකත්වයක් නැති බවය.

ඒ අනුව නැවත කොළඹ යාමට තීරණය කර ඇති බව ඔහු සදහන් කළා.

කොළඹට ගොස් මේ සම්බන්ධයෙන් නැවත සිතා බලා තීන්දුවක් ගන්නා බවද ඔහු කියා සිටියේය.

එම ටෙලියේ දෙවැනි වටයේ රූගත කිරීම් අතර තුරදී ඔවුන්ට අදාළ තත්ත්වයට මුහුණදීමට සිදු විය.

මේ අතර, අදාළ ටෙලියට සම්බන්ධ පිරිස මෙලෙස නිරෝධායනයට ලක් කරනු ලැබුවේ එම ටෙලිය දිනෙන් දිනම ජනප්‍රියවීම හේතුවෙන් එය පසු බැස්සවීමට යම් පිරිසක් සිදු කළ සංවිධානාත්මක ක්‍රියාවක් බවට ද මේ වන විට චෝදනා එල්ලවී තිබේ.

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතා පවසන්නේ මෙය වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ට පහර ගැසීමට සිදු කළ කුමන්ත්‍රණයක් බවයි.

 

Your Comments