විවාහය සම්බන්ධ අනාගත සැලසුම් මට නැහැ – ශලනි තාරකා

28

වසර 23ක් ලාංකේය ටෙලි නාට්‍ය ඉතිහාසයේ නොබිඳී පැවතෙන වාර්තාවක් 2020 රයිගම් ටෙලි සම්මාන උළෙලේදී සම කරන්නට අපේ රටේ ටෙලි තාරකාවකට හැකි වූවා.

ඒ 1996 වසරේ සුමති ටෙලි සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම නිළියට හිමිවන සම්මානය හා විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළියට හිමිවන සම්මාන එකම වේදිකාවකදී හිමිකර ගනිමින් රංගනවේදිනී චාන්දනී සෙනෙවිරත්නයන් විසින් තැබූ වාර්තාව වසර 23 ක ඇවෑමෙන් සිය දෝතට ගන්නා නිළි තරුව වන්නේ ශලනි තාරකා නම් සුවිශේෂී රංගන ශිල්පිනියයි.

ලද සම්මානය ගැන සති අන්ත පුවත්පතකට ශලනි කියලා තිබ්බෙ මෙහෙම

මගේ අරමුණ හොඳම නිළිය වීම කියලා මම පැවසුවා තමයි. අද මම ඒ අරමුණ ජය අරන්. නමුත් මට ඒ ජයග්‍රහණය සමගම හිස මතට විශාල බරක් එකතුවෙලා. ජනතාවගේ මතයයි ජූරියේ මතයයි එකම තැනකට ගෙන එනවා කියන්නේ ලොකු වගකීමක් ඉදිරියේ තියෙනවා කියන එකයි. ඒ මතය පරාජය නොකර ඉදිරියට ගෙනයන්න මම උත්සාහ කරනවා.

ඒ වගේම ශලනිගෙන් අනාගතය ගැනත් අහලා තිබ්බා ඒ අද ඔබේ ජීවිතය ගෙවෙන ආකාරය හා විවාහය ගැන අනාගත අපේක්ෂා මොනවද? කියලා

ශලනි ඒකට දීලා තිබ්බේ මෙන්න මෙහෙම උත්තරයක්

මම ජීවත් වෙන්නේ මගේ ගෙදර අය එක්ක. මගේ අයියයි, නංගියි විවාහකයි. මගේ විවාහය ගැන පවසනවා නම් මම දැන් ඒ දෙවල් ගැන මගේ ජීවිතයෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. සුදුසු කාලය ආවහම මට ඒ සංඥාව ලැබෙයි කියලා විස්වාසයෙන් ඉන්නවා. මොකද මගේ ජීවිතයේ මීට කලින් ප්‍රේම සම්බන්ධතා තිබිලා නැතිව නෙවෙයිනේ. ඒ සබඳතා එක්ක විවාහය හා බැඳුණ අනාගතය වැනි දේවල් කොච්චර සැලසුම් කළත් අපි බලාපොරොත්තු වෙන ආකාරයට ඒවා ඉටුවෙලා නැහැ. ඒ නිසා විවාහය සම්බන්ධ අනාගත සැලසුම් මට නැහැ.

Your Comments