විජේගේ ‘මාස්ටර්’ ප්‍රචාරක පටය මිලියන ගණනක් නරඹයි

16

තලපති විජේ කියන්නේ ප්‍රේක්‍ෂකයන් හැමදාමත් එකම විදියට ආදරය කරන සුපිරි දකුණු ඉන්දීය නළුවෙක් .
මේ නිසාම සිනමාලෝලීන් මග බලාගෙන ඉන්නේ විජේ රංගනයෙන් දායක වෙන චිත්‍ර පටියක් තිර ගත වෙනකම් .

විජේගේ රසික පිරිසට සතුටක් එක් කරමින් පසු ගිය දීවාලි දිනයේදී ඔහු රගන ‘මාස්ටර් ‘ චිත්‍ර පටයේ පුර්ව ප්‍රචාරක පටය අන්තර් ජාලය හරහා නිකුත් කරනු ලැබුවා .

එය ඉතා කෙටි කාලයක් තුල මිලියන 20 ක අති විශාල පිරිසක් නරඹමින් වාර්තා තබන්නට සමත් වූ බව ආරංචි මාර්ග සඳහන් කරනවා .

මෙම චිත්‍ර පටිය ලබන වසරේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා .

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දකුණු ඉන්දියාවේ බොහෝ සිනමා ශාලා ප්‍රමාණයක් තවමත් වසා දමා තිබෙන බවත් ඉන්දීය ආරංචි මාර්ග පවසා සිටිනවා .

Your Comments