වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගම යලි විවෘත වෙයි? සියළු හිඟ බදු ගෙවීමට යටත්ව…සුරාබදු කොමසාරිස්

38

බදු වංචාවක් හේතුවෙන් සීල් තැබු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය යලි නිකුත් කර තිබෙන බව වාර්තා වනවා.

කෝටි 100කට අධික බදු වංචාවක් සිදු වු බව පවසමින් පසුගිය සමයේ එම ආයතනයට සීල් තැබිමටයි කටයුතු කළේ.

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ ඉල්ලීම මත මෙම බලපත්‍රය යලි ලබාදීමට කටයුතු කර තිබේන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

සුරා බදු කාර්යාලයට කලයක සිටම වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය නිදහස් කරන ලෙසට විවිධ ඉල්ලීම් සිදු කර තිබුණා.

ඒ අනුවයි එම බලපත්‍රය නිදහස් කිරීමට පියවර ගත් බවයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පවුලේ ව්‍යාපාරයක් වන වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය 2015 වසරේ මැයි මාසයේ අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුනා.

ඒ අනුව සුරා බදු සම්බන්ධ නීති රීති කඩකිරීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වයඹ අරක්කු නිෂ්පාදන ආයතනයට අයත් බලපත්‍ර තුනක් අත්හිටවු අතර එම ආයතනයට චෝදනා 11ක් චෝදනා පත්‍රයක් භාර දී තිබුනා.

රජයට අයවිය යුතු සියළු හිඟ බදු ගෙවීමට යටත්ව බලපත්‍රය යලි නිකුත් කල බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් බෝදරගමගේ මහතා සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝසමඟ පැවති දුරකථන සංවාදයකදී පවසනවා.

එම හඩපට පහතින්…

මිට අමතරව දෙමටගොඩ ව්‍යාපාරික ස්‌ථානයක ලොරි හතරක ගබඩා කර තිබූ අරක්‌කු බෝතල් 68,000 ක පමණ ප්‍රමාණයක්‌ අත්අඩංගුවට ගැනීමෙන් පසු එම මත්පැන් බෝතල් වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමට අයත් බව අනාවරණය වුණා.

ඒ අනුව එම සමාගමටද මීට පෙර සීල් තබා තිබුණා.

ඒ ඔහුට අයත් නරිතා ට්‍රේඩින් කොම්පැණි නම් වාහන අමතර කොටස් ගබඩා කරන ආයතනයේ තිබී මෙම මත්පැන් තොගය අත්අඩංගුවට ගනු ලැබු අතර රටපුරා තිබෙන 107කට අධික ඔහුට අයත් සුරාසැල් වෙත නීති විරෝධීව ප්‍රවාහනයට සූදානම් කර තිබූ ඒවා බවද පැවසෙනවා.

Your Comments