රෝහිත රාජපක්ෂ ට කොරෝනා කියූ පුවත බොරුවක්.

23

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා හට කොරෝනා අසාදනය වී ඇති බවට ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍ය තුල සැරිසරමින් පවතිනවා.

ඒ හේතුවෙන් ඔහු හා ඔහුගේ බිරිද මහනුවර ජනාධිපති මන්දිරයේ නිරෝධායනය වන බවත් එහි සදහන් වෙනවා.

රෝහිත රාජපක්ෂ මහතා සදහා ගුවනින් ආහාර මහනුවර ජනපති මන්දිරය වෙත ගෙන යන බවටද එහි දැක්වේ .

ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ දුෂාන් විජේසිංහ පවසන්නේ එම ප්‍රකාශය අසත්‍ය බවයි.

එවැනි කටයුතු වලට ගුවන් හමුදාවේ යානා නොදෙන බවත් එතුමා කියා සිටියා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ද මෙම පුවත අසත්‍යයක් බව, පැවසූ බවයි දනසිරි අමරතුංග මහතා තම සමාජ ජාලා ගිණුමේ සදහන් කර තිබුන‍ේ.

Your Comments