රොෂාන් පුතුට ලිව්ව කවිය

14

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවනගේ පුතුට පසුගියදා වසරක් සපිරුණා. ඒ වෙනුවෙන් මෙතෙක් කවි නොලියූ රොෂාන් කවියක් ලියා තිබෙනවා.

ඒ කවිය පහතින්

අපේ ලොවේ මිහිරි නෙතු
ජීවිතයේ එක් කවියක්වත් නොලියූ මං
කවිකාරයෙක් කරන්නට ඔබට හැකි වුනා නං
නොඉවසිල්ලෙන් ඔබ එන මඟ බලා සිටි මං
පියෙකු කළ නුඹෙ මවට සෙනෙහෙන් පතමි පිං
ඹබේ මුව දැක නෙතට කඳුලක් ආවේ
ආදරය දෝරෙ ගලා යන තුටින් පිරි වේලේ
නොමැත මින් පෙර මෙවන් සතුටක් ලැබුවේ
වසරක් ගෙවුනා කියා අදහනුද කෙලෙසේ
ඔබ සමඟ ගෙවී ගිය සුන්දර කාලේ
නැවත නොඒ දැයි හැඟුනද සිත් දෑළේ
ඔබ මුවින් ” තාත්තා” යන වදන් ඇසු වේලේ
විඳිමි විශ්වයේ ඇති පරිශුද්ධම ආලේ
අමිල ගුණ මැද පුතු වැඩේවා
නැණට වැඩියෙන් ගුණ වැඩේවා
මතු භවෙත් අප පුතුම වේවා
” මිනෙත්” සුභ උපන් දිනක් වේවා
( කවි සිතුවිලි ආදරණීය අම්මා සහා තාත්තා ගෙන් )

 

Your Comments