රනිල් සහ වජිර ඇල්ලේ ගුණවංශහිමියනුත් හමු වී සාකච්ජාවක

44

සති අන්තයේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නායක ස්වාමින්වහන්සේ බැහැදැකීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගිය බවට තොරතුරු වාර්තා වනවා.

වජිර අබේවර්ධන මහතා ද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නායක ස්වාමින්වහන්සේ බැහදැක පැයකට ආසන්න කාලයක් සාකච්ඡාවක නිරත වූ බව සදහන්.

එමෙන්ම පසුගිය සති අන්තයේ රනිල් වික්‍රමසිංහ මහතා සහ වජිර අබේවර්ධන මහතා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගොස් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින්වහන්සේ බැහැදැකීම සාකච්ජා පවත්වා තිබුණා.

එදින සවස 4:00 ට පමණ අභයාරාමයට ගිය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සවස 06:30 පමණ වනතුරු රටේ වර්තමාන තත්වය සහ දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡා කර ඇත.

Your Comments