සෙලීනා ට්වින්කි කියල කියන්නේ මේ දිනවල ජනප්‍රිය ළමා නිලියක් වෙනවා .
ඇය ක්ෂේත්රයට පිවිසෙන්නේ එක්තරා රියැලිටි තරගයකට ඉදිරිපත් වීමත් සමගිනුයි .
ඉතින් මේ වෙනකොට බොහෝ දෙනාගේ ආදරය දිනා ගැනීමට ඇය සමත් වෙලා තියෙනවා .ඇය ගැන පුංචි තොරතුරු ටිකක් දැන ගන්න ඇයට ආදරය කරන බොහොමයක් දෙනා වඩාත් කැමැත්තෙන් ඇති .
ඒ නිසාම පුංචි සෙලීනා ගැන විස්තර ටිකක් කියන්න අපි හිතුවා .
ඇය මේ දිනවල අධ්‍යාපන කටයුතු වලත් නිරත් වෙන ගමන් රූගත කිරිමකටත් සම්බන්ධ වෙලා ඉන්නවා කියලයි කිව්වේ .
මේ වෙනකොට ඇය රංගනයේ යෙදිලා තියෙන නිර්මාණයන් හරහා ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඇය කිව්වා.
රංගනයට පිවිසීමට කලින් ඇය මුලින්ම යොමු වෙලා තියෙන්නේ වෙළෙඳ දැන්වීම් සඳහා කියලත් සනුලි කිව්වා .
වෙළෙඳ දැන්වීම් සඳහා රංගනයෙන් දායක වෙන්න මුලින්ම අවස්ථාව ලැබුණේ ෆොටෝ ෂූට් එකක් හරහාලු .
සෙලිනාගේ පවුලේ පුංචි දු තමයි ඇය . ඇයගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා සහ අයියලා දෙන්නෙක් ලු . ලොකු අයියා උසස් අධ්‍යාපන කටයුතු නිසා ඕස්ට්‍රේලියාවේ තමයිලු ඉන්නේ. පොඩි අයියා උසස් පෙළ ලියල ඉන්නවලු .ඇයගේ පියා ව්‍යාපාරිකයෙක් කියලත් ඇය පැවසුවා .
ඇයගේ රංගන කටයුතු වලට ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා කියලත් ඇය කිව්වා . ඉදිරියේදී ටෙලි නිර්මාණ වලට දායක වෙන ගමන් අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන යන්න තමයි සෙලීනාගේ බලාපොරොත්තුව කියලයි ඇය කිව්වේ .
Your Comments