මෙරට සිදුවිමක් ලෙස සදහන් Face Book “ඡායාරූපයක්” මියන්මාරයේ සිදුවීමක් බව අනාවරණ වෙයි.

46

සෞඛ්‍ය සේවිකාවක් විසින් මවකගෙන් අගේ සිඟිති දරුවා රැගෙන යන අයුරු දැක්වෙන ඡායාරූපයක් face book හි බොහෝ දෙනෙකු හුවමාරු කරගෙන තිබුනේ එය ශ්‍රී ලංකාවේ සිදුවීමක් බව පවසමින්.

මෙම ඡායාරූපය 2020 ඔක්තෝබර් 28 වන දින ෆේස්බුක් හි පළ කරන ලද අතර 3,500 වාරයකට වඩා හුවමාරු වී ඇත.

එම ඡායාරූපය ඇත්ත වශයෙන්ම මියන්මාරයේ කොවිඩ් -19 අසාදනය වූ මවකගේ බව සදහන්.

මෙම ඡායාරූපය මියන්මාරයේ වෙසෙන Face Book පරිශීලකයෙකු විසින් 2020 ඔක්තෝබර් 18 වන දින එරට විශාලතම නගරය වන යැන්ගොන් හි දකුණු ඩැගන් නගරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ දී ගත් ඡායාරූපයක් බව ප්‍රකාශ කර තිබෙනවා.

Your Comments