මිලියන 100ක ටික්ටොක් අනුගාමිකයන් ලබා ගත් චාලි ඩී

48

ටික්ටොක් හි “TikTok” මිලියන 100 ක අනුගාමිකයන් ලබාගත් පළමු පුද්ගලයා බවට අමෙරිකාවේ චාලි ඩී අමෙලියෝ පත්ව සිටිනවා.

16 හැවිරිදි ඇය ලොව වඩාත් කිර්තිමත් පුද්ගලන් සමඟ කරට කර සිටිමට සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චාලි ඩී යූ ටියුබ්ස්, ඉන්ස්ටග්‍රෑම්, මියුසිකල්.ලි සහ වයින් වැනි (YouTubers, Instagrammers, Musical.ly and Vine) සමාජ මාධ්‍ය ජාලාහි තරු අභිබවා ගොස් තිබෙනවා.

“මිලියන 100 ක ජනතාවක් මට සහයෝගය දක්වනවා, මෙය ඇත්ත යැයි මට විශ්වාස කළ නොහැකිය.” යැයි ඇය ට්වීට්ර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කළා.

ඇගේ ජනප්‍රියත්වයට බොහෝ දුරට හේතු වී ඇත්තේ ඇයගේ නැටුම් වීඩියෝ නිසා බව සදහන්.

 

Your Comments