මැරඩෝනාගේ මිනී පෙට්ටිය අසල ගත් ඡායාරූපය ගැන අවමංගල සේවකයා සමාව ඉල්ලයි

30

පාපන්දු ශූර ඩියාගෝ මැරඩෝනාගේ සිරුර විවෘත මිනී පෙට්ටියක තැන්පත් කර තිබෙන අවස්ථාවේ සෙල්ෆි ඡායාරූපයක් ගත් අවමංගල සේවකයෙකු පිලිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩියාගෝ මොලිනා නමැති එම අවමංගල සේවකයා සිය අතක් මැරඩෝනාගේ මුහුණ මත තබා සෙල්ෆි ඡායාරූපයක් ගෙන තිබෙනවා.

මෙම ඡායාරූපය සමාජ ජාලා ඔස්සේ ප‍්‍රචාරය වීමත් සමගම ඔහුට මරණ තර්ජන එල්ල වී ඇත.

එම සෙල්පි ඡායාරූප මැරඩෝනාට සිදු කළ අවමානයක් බව ඔහුගේ අනුගාමිකයෝ පවසති.

මෙම සිද්ධිය ගැන ප‍්‍රකාශයක් කළ අවමංගල සමාගම පැවසුවේ මැරඩෝනාගේ සිරුර සකස් කිරීම සඳහා භාරව සිටි අවමංගල කණ්ඩායමට මොලිනා නමැත්තා ද සම්බන්ධ වූ බවයි.

මේ පිලිබදව එම අවමංගල සේවකයා මැරඩෝනාගේ රසික ජනයාගෙන් සමාව අයැද සිටි බවයි විදෙස් මාධ්‍ය මගින් දැනගැනීමට හැකි වන්නේ.

Your Comments