මහනුවර කොරෝනා රෝගියාගේ දේහය තවම රෝහලේ

19

කොරෝනා වෛරසය අසාදිතව මිය ගිය රෝගියාගේ දේහය පවුලේ ඥාතීන් විසින් බාර ගැනීමට ඉදිරිපත් නොවීමේ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඔහු මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන පළමු කොවිඩ් ආසාදිත රෝගියා වේ.

දේහය භූමදානයට අවසර නොදීම හේතුවෙන් මෙලෙස සිරුර රෝහලේ දමා ගොස් තිබෙන බවයි දැන ගැනීමට ලැබෙන්නේ.

මහනුවර ගලහ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා  කොළොන්නාවේ පිහිටි සිය දියණියගේ නිවසට ගොස් ඇත.

පසුව කොළොන්නාවේ සිට ගලහ   දක්වා පෞද්ගලික වාහනයකින් පැමිණෙමින් සිටියදී ඔහු හට හදිසි අසනීප තත්ත්වයක් මතුව තිබෙනවා .

49 හැවිරිදි මෙම පුද්ගලයා පේරාදෙණිය රෝහලට ඇතුලත් කරන විටදී ද මිය ගොස් සිට ඇත.

පසුව සිදුකල පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් 19 අසාදිතැයි  තහවුරු කර ගෙන තිබෙනවා .
මෙම පුද්ගලයාගේ සිරුර කොවිඩ් 19 අසාදිත අයෙකුගේ  දේහයක් ආදාහනය කරන නියාමනයන් යටතේ  ආදාහනය කරන්නට සූදානම් කර අදාළ මීනී පෙට්ටිය හා සෞඛ්‍යාරක්ෂණ ගාස්තු ගෙවන්නට පවුලේ අයට දන්වා ඇත.

මරණය සිදුවූ පුද්ගලයාගේ දේහය ආදාහනය කිරිමට විරෝධය දක්වමින්  දේහය සහ මරණ සහතිකය පවා භාරනොගෙන ඥාතීන් පිටව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ඥාතීන් විසින් දේහය භාර නොගත හොත් අධිකරණ නියෝග ලබා ගනිමින් නිරෝධායන නීති යටතේ දේහය පිළිබද අවසන් කටයුතු සිදු කරන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසනවා.

Your Comments