බොලිවුඩ් නළු අසිෆ් බස්රා සියදිවි හානිකර ගනියි

65

බොලිවුඩ් චිත්‍රපට නළුවෙකු වන අසිෆ් බස්රා ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ සිරුර හිමාචල් ප්‍රාන්තයේ පිහිටි දරම්සාලා ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක තිබී හමුවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

53 වන වියේ පසු වු බස්රා ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගෙන ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අසිෆ් අවසන් වරට Disney+ Hotstar කතා මාලාව සදහා රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

ඔහු මේ වසර මුලදී නිකුත් කළ Amazon Prime හි Paatal Lok මාධ්‍ය ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස ද රඟපෑවේය.

Jab We Met, Once Upon a Time in Mumbaai, Krrish 3, Ek Villain සහ තවත් බොහෝ චිත්‍රපටවල අසීෆ් රංගන දායකත්වය ලබා දී තිබුණා.

Your Comments