බොලිවුඩයේ ‘කිං ඛාන් ‘ වෙනස් මුහුණුවරකින්.

10
‘පතාන් ‘ කියල කියන්නේ බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් රංගනයෙන් දායක වන අලුත්ම සිනමා නිර්මාණයයි.
ඔහු මේ වන විට එහි රූ ගත කිරීම් සඳහා එක්ව සිටිනවා.

ඉන්දියාවේ මුම්බායි හි පිහිටි යශ්රාජ් කලාගාරයේ මෙහි රූපගත කිරීම් දැනට සිදුවෙමින් පවතිනවා.

මෙහිදී ඔහු රංගනයෙන් දායක වනුයේ පෙනුමෙන් මදක් වෙනස් චරිතයකටයි
කොණ්ඩය වවාගත් මැරයෙකුගේ චරිතයක් ඔහු මෙහිදී නිරුපනය කරනවා.

ශාරුක් ඛාන් මෙම සිනමා නිර්මාණය සඳහා එක් වන්නේ 2018 වසරේ තිරගත වූ සීරෝ චිත්‍ර පටියෙන් අනතුරුවයි.

Your Comments