බ්ලැක් පැන්තර් 2 චිත්‍රපටයට එක්වීමට රිහානා එකඟවෙයි

18

බ්ලැක් පැන්තර් 2 සිනමා නිර්මාණය සඳහා එක්වීමට හොලිවුඩයේ බැබලෙන තරුවක් වන රිහානා කැමැත්ත පළකර තිබෙනවා.

ඒ බ්ලැක් පැන්තර් පළමු නිර්මාණයෙහි රංගනයෙන් එක් වූ සුපිරි තරුවක් වූ චැඩ්වින් බොස්මන්ගේ හදිසි අභාවයෙන් පසුවයි.

රිහානා හොලිවුඩයේ නම දිනූ ගායිකාවක් ද වෙනවා.

බ්ලැක් පැන්තර් 2 සිනමා නිර්මාණයේ රූගත කිරීම් ඇට්ලන්ටා ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ලබන වසරේ යලි ඇරඹෙන බව එහි නිෂ්පාදකවරයා පවසනවා.

මෙය ක්‍රියාදාම සිනමා පටයක් වනවා.

සුපිරි මෙක්සිකානු රංගන ශිල්පී ටෙනොච් හුවර්ටා එහි එන විරුද්ධවාදියෙකුගේ චරිතය රඟදැක්වීමට එන බවත් හොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරනවා.

 

Your Comments