පුංචි තිරයේ දඟකාරිය ගීතිකා

12

ගීතිකා රාජපක්ෂ කියන්නේ පුංචි තිරයේ හැඩකාර දඟකාර චරිතයක් .ඇයට වගේම ඇයගේ රංගනයන්ට ආදරය කරන විශාල රසික පිරිසක් ඇයට ඉන්නවා .

ඉතින් ඒ අය බොහොම කැමැත්තෙන් ඇති ඇය ගැන තොරතුරු ටිකක් දැන ගන්න.

මේ දිනවල ඉතින් ඇය සාමාන්‍ය පරිදි කල් ගත කරනවා කියලයි දැන ගන්න ලැබෙන්නේ . වසර දෙකකට පමණ පෙර කල නාට්‍යක් ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි කියලත් ඇය කිව්වා .

ඒ නාට්‍යයේ ඇය රග දක්වන්නේ ටිකක් වෙනස් චරිතයක් කියලයි දැන ගන්න ලැබෙන්නේ.

ඉස්සර තරම්ම දැන් ගීතිකාව කලා නිර්මාණ වලින් දකින්න නොලැබෙන හේතුව මොකක්ද කියලත් ඇහුවහම ඇය කිව්වේ පෞද්ගලික හේතූන් ටිකක් මත තමයි ටිකක් කලාවෙන් ඈත් වෙලා ඉන්න සිද්ද වුනේ කියලා .

කොහොම නමුත් කලාව කියන දේ ඇයට පිහිටලාම තියෙන දෙයක් කියල ඇය විශ්වාස කරනවලු . ඒ වගේම ඇය රංගනය හදාරන අයෙක් කියලත් කිව්වා .

කලාව ගැන ඇය හිතන්නේ මොන වගේ දෙයක්ද කලාව සම්බන්ධ කටයුතු කරගෙන යනකොට නිදහස අහිමි වෙනවද කියල ඇයගෙන් ඇහුවහම ඇය පැවසුවේ කලාවට එනවා නම් නිදහස කැප කරන්න වෙනවා කියලයි .

ඇය ඒ කැප කිරීම කරන්නෙත් ගොඩාක් සතුටින්ලු .

විවාහයෙන් පස්සේ රංගන ශිල්පිනියන්ට චරිත ලැබෙන්නේ අඩුවෙන්ද ? කියන ප්‍රශ්නේ ඇයගෙන් අහන්න හිතුනේ දැන් ඇයත් විවාහක නිසා .

සමහර රංගන ශිල්පිනියන්ගේ ඇති වුන ප්‍රශ්න නිසා විවහා වුනහම චරිත දෙන්න බයයි .
සමහර නිර්මාණ දීර්ඝ කොටස් ප්‍රමාණයක් විකාශය වන නිසා විවාහ වෙලා දරුවන් හදලා විවහා ජීවිතය තුල ඉද්දී ප්‍රශ්න මතු වෙන අවස්ථා තියෙනවා කියලයි ඇය කිව්වේ.

එහෙම වුනහම චරිත අතර මගදී වෙනස් කරන්න සිද්ද වෙනවලු .

මේ වෙනකොට ගීතිකාට ලැබෙන රසික ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ කියලත් අහන්න අමතක කලේ නෑ .

රසිකයන්ගේ ආදරය ලැබෙන්නත් ලොකු පිනක් තියෙන්නේ ඕන කියලයි ඇය කිව්වේ .ඇත්තටම පිනක් තියෙන කෙනෙකුට තමයි මෙහෙම තැනකට එන්න ලැබෙන්නේ කියලත් ඇය කිව්වා .

යම් චරිතයක් ඔස්සේ ඒ අයගේ හිතට දැනුනොත් නිර්මාණ වලින් නිතර නොදැක්කත් හැමදාමත් රසිකයන්ගේ හිතේ අපි ඉදිවී කියලයි අවසාන වශයෙන් ඇය කිව්වේ .

ඇයගේ ඉදිරි කලා කටයුතු වලට අපි හදවතින්ම සුබ පතමු .

 

Your Comments