පියාගේ මරණයට නොගොගොස් IPL ක්‍රීඩා කළ මන්දීප් සිං

30

කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ පිතිකරු මන්දීප් සිංගේ පියා වන හර්දේව් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ රෝගාතුරව සිටි හර්දේව් සිං ඉන්දියාවේ චන්දීගඩ්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණු අතර, එම අවස්ථාවට මන්දීප් සිංට එක්වීමට සිදු වූයේ වීඩියෝ දුරකතන ඇමතුමක් මාර්ගයෙන් පමණයි.

කෙසේ වෙතත්, සිය පියාගේ අභාවය මධ්‍යයේ වුව ද මන්දීප් සිං ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය යටතේ සන්රයිසස් හයිරදාබාද් කණ්ඩායමට එරෙහිව ඩුබායිහි පැවැති තරගයේ දී පංජාබ් පිලේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ද ක්‍රීඩා කිරීමට පිටියට පිවිසියා.

Your Comments