පැනයන්න හැදු කොරෝනා රෝගියෙකුට ගුටි.

15

කොරෝනා ආසාදිත රෝගියකු පැනයාමට උත්සාහ කිරීමකදී පහරදීමක් සිදුකළ බවට චෝදනා එල්ල වූ හෙද නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

පොලොන්නරුව වැලිකන්ද කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයේදී මෙම සිදුවීම සිදුව තිබෙනවා .

වැලිකන්ද පොලීසිය සඳහන් කරන්නේ මෙම සැකකාර හෙද නිලධාරියා අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

28 හැවිරිදි කොරෝනා ආසාදිතයෙක් පෙරේදා රාත‍්‍රියේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනයාමට උත්සාහ දරා තිබෙනවා .
එම අවස්ථාවේදී රෝගියා සමඟ අදාල හෙද නිලධාරියා සිදු කල පොර බැඳීමකදී රෝගියාට පහර දීමක්
කළේ යැයි ලද පැමිණිල්ලක් අනුව වැලිකන්ද පොලීසිය විසින් හෙද නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.

Your Comments