පානදුර පිහිටි බැංකුවකට කොවිඩ් අසාදිත යුවලක් පැමිණෙයි

14

පානදුර පෞද්ගලික බැංකුවකට කෝවිඩ් වෛරසය ආසාදිත වූ යුවළක් පැමිණි බවට අනාවරණය වී තිබෙනවා .
ඉන් පසුව එම බැංකුව ඊයේ (02දා) උදෑසන සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගනු ලැබුවා .

අදාළ බැංකුවේ කළමණාකාර වරයා ඇතුළු කාර්යමණ්ඩලයට ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස පානදුර නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සම්පත් මොර මුදලි මහතා පවසා ඇත .

එම යුවළ පදිංචිව ඇත්තේ වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ යි .

මීට දින කීපයකට ඉහතදී සිදුකර තිබූ පී.සි.ආර් පරික්ෂණයේ වාර්තාව පෙරේදා (01දා) සවස ලැබීමෙන් අනතුරුව ඔවුන් කොවිඩ් අසාදිත බවට තහවුරු වී ඇත .

ආගිය තැන් පිළිබද විමසීමේදී ඉකුත් සිකුරාදා වන විට එම යුවළ දින කීපයක් බැංකුවට පැමිණ තිබූ බවට වාද්දුව සොඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට තොරතුරු ලැබි ඇත .

ඒ අනුව එම බැංකු පරිශ්‍රය විෂබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව වෙනත් කාර්යමණ්ඩලයක් යොදවා හෙට දින සිට පවත්වාගෙන යාමට මහජන සෞඛ්‍ය පරික්ෂක සම්පත් මොර මුදලි මහතා විසින් උපදෙස් දී තිබේ .

Your Comments