නවීන් සහ අර්ජුන ත් රනිල්ට පාර්ලිමේන්තු යන්න කියයි.. රනිල් නිහඩයි !

13

එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතාගේ පත්වීමට විරෝධය පල කරමින් පක්ෂ රැස්වීම් වර්ජනය කර සිටි නවීන් දිසානායක මහතා පසුගියදා පැවති පක්ෂ රැස්වීමට සහභාගී වී තිබෙනවා.

පසුගිය සතියේ සිරිකොතට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවා තිබූ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, වජිර අබේවර්ධන, අකිල විරාජ්, රුවන් විජේවර්ධන, තිලක් මාරපන, සන්දීප් සමරසිංහ, ලක්ෂ්මන් විජේමාන්න මහත්වරු ඇතුළු පිරිසක් කැඳවා තිබු බව සදහන්.

කෙසේ වෙතත් එම රැස්වීම සඳහා සහභාගී වීමට නොහැකි වන බව වජිර අබේවර්ධන හිටපු ඇමතිවරයා කලින්ම දැනුම් දී තිබුණා.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැර නොයා යා යුතු බව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පුරප්පාඩුව සඳහාද අනිවාර්යයයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවත්, එමෙන්ම රටේ ඇති වී තිබෙන ආර්ථික වර්ථමාන දේශපාලන බරපතල ඛේදවාචකයෙන් පක්ෂයත් රටත් ගොඩ ගැනීමට හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි එහිදී බහුතරයකගේ අදහස වී ඇත්තේ.

නවීන් දිසානායක මහතා, අර්ජුන රණතුංග මහතා සහ අනෙකුත් මහජන නියෝතියන්ගේ අදහස වී ඇත්තේද අනිවාර්යයයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

කෙසේ වෙතත් එයට ප්‍රතිචාරයක් නොදැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුණා.

Your Comments