නර්මදා ආයෙත් තනිවෙලාද?

70

ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ කිරුළ දිනූ නර්මදා යාපා අබේවර්ධන පළමු සැමියාගෙන් වෙන්වීමෙන් පසු දෙවැනිව මුණගැසුණ පෙම්වතාද පෙනී සිටිමින් නර්මදාගේ දෙවන දරු උපත වෙනුවෙන් සිදු කළ එම ඡායාරූප පෙළ මහත් ආන්දෝලනයක් ඇති කළේ දුහුල් ඇඳුමකින් සැරසුණු ගැබිණි පොටෝ ෂූට් එකක් නිසා.

පසුව ඇයට දෙවැනි දරුවා ලද අතර මේ දිනවල ඇය ගැන ක්ෂෙත්‍රයේ කටකතා පැතිරෙන්නේ ඇය නැවතත් තනිවූ බවක්.

මේ ගැන නර්මදාගෙන් ඇහුවම ඇය කියන්නේ

ජනක කොහොමත් දාලා ගියා.එයා එයාගේ මාර්ගයේ ගියා. මගේ මාර්ගය දිගේ මං ආවා. අපි දෙන්නා ජීවිතේ අවුරුදු හතක් එකට හිටියා. ආදරෙන් හිටියා යම් කාලයකදී ඔය ඕන එපාකම් එනවනේ ඒ හින්ද වෙනස් වෙන්න පුළුවන් .මට ඇත්තටම ඕන වුණේ හොඳ පවුල් ජීවිතයක් ,බබාලා, හොඳ හස්බන්ඩ් කෙනෙක් ඉතින් ඒකට ගොඩක් කැමතිනම් ඒක හම්බ වෙන් නෑ කියනවනේ. අපි දෙන්න එකතු වෙලා බබාගෙ වැඩ කරනවා අපි හිටපු ගමන් ෆයිට් එහෙමත් යනවා අපි දෙන්නා දැන් හොඳ යාළුවෝ .

මාත් මනුස්සයෙක් මං ගොඩක් mentally වැටුනා බෙහෙත් එහෙමත් බිව්වා. ගොඩක් දුක් වින්දා මගේ කිසිම දේකදි දාලා යන්න ඇති මගේ අක්කි ඉන්නවා මට ජීවිතේ ඇත්තටම ආදරේ කරනවා කියලා කෙනෙක් ඉන්නවා කියන එක දැක්කෙ මං එයාගෙන් .ජීවිතයේ ගොඩක් දුක් විඳිනවා එතන නතර වෙන් නෑ. දුක් වෙන් නෑ ඉතින්. මම ගොඩක් රිස්ක් ගන්න කෙනෙක් මං එවෙලෙට තිබ්බ හොඳම option එක අරන් මං මගේ ගමන යනවා .එහෙම ලොකුවට පෙන්න strong Character එකක් නෙමෙයි මං

අලුත් ලයිෆ් එකක් පටන් අරන් අලුත් ළමයෙක් ඉන්නවා?

ඔව් ඇත්තටම ඒකටත් අක්කි තමා උදව් කරේ වැඩ කරගෙන යනවා කියන්නේ මගේ මානසික නිදහස අක්කා යෙදිලා තියෙනවා එයාලා මට කවදාවත් වචනයකින්වත් මගේ හිතට ඉඳලා නෑ බබාලා බලා ගන්නෙත් එයාලා. මම මාර ලකී .බබාලා දෙන්නම මගේ නේ, දෙන්නටම මගේ කාටවත් වෙනසක් නෑ ඉතින් කවද හරි ඒ දෙන්නා ලොකු වෙලා තේරුම් ගනී ගනියි අම්මා මේ තීරණය ගත්තේ මේ නිසා නේ කියලා.

Your Comments