දීපිකා ඇතුළු බොලිවුඩ් තරු රැසක් මුම්බායි නුවරට

25

යොවුන් සිනමා නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ දිවි හානිකරගැනීමේ සිද්ධියෙන් පසු ආරම්භ වූ ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ විමර්ශන සඳහා බොලිවුඩ් තරු රැසක් මේ වනවිට මුම්බායි නුවරට පැමිණ තිබෙනවා.

මෙම විමර්ශන වලදී සාක්ෂි ලබාදීමට දීපිකා පදුකෝන් ඊයේ එරට මුම්බායි පොලීසියට පැමිණියා.

මේ අතර දීපිකා පදුකෝන් සහ ඇයගේ සැමියා වන රන්වීර් සිං,සාරා අලි ඛාන්, ශ්‍රද්ධා කපූර් සහ රකුල් ප්‍රීත් සිං ද ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබෙනවා.

ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවනු ලැබුවේ සුෂාන්ත්ගේ අවසන් සමයේ පෙම්වතිය වූ රියා චක්‍රබෝර්තිගේ දුරකථනයෙන් ලබාගත් වට්ස්ඇප් සංවාදවලින් අනාවරණ කරගනු ලැබූ කරුණු අනුවයි.

සුෂාන්ත් රාජ්පුත්ට මත්ද්‍රව්‍ය ලබාදුන් බවට රියා සහ ඇගේ සොහොයුරු ෂෝවික් ඇතුලු 15 දෙනෙකු ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා.

Your Comments