ජැක්සන් සහ පියුමි ඉන්දීය සිනමාව තුලින් ලඟදීම 

11
ජැක්සන් ඇන්තනි කියලා කියන්නෙ විශිෂ්ඨ  රංගධරයෙක් වන අතර දැනුම් ගබඩාවක් යැයි හැදින්විය හැකියි. ඒ වගේම කලා පවුලක් හෙළ කලා කෙතට දායාද කල අයෙක්.. ඔහුගේ රංගනයක් පිළිබඳව තර්ක විතර්ක අනවශ්‍ය බවට කවුරුත් දන්නා කාරණාවක්.
ඒ වගේම පියුමි හංසමාලි කියන්නෙත් නිතර  සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්වෙන ආන්දෝලනාත්මක පුවත් මවන්නට සමත් වෙන තැනැත්තියක්.   ඒ වගේම ඇය දක්ෂ,සුරූපී රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපන ශිල්පිනියක්.
පසු ගිය කාලයේ අපේ රටේ මේ කලා තරු දෙපළටම අවස්ථාවක් උදා වුනා ඉන්දීය සිනමාව හා සම්බන්ධ වීමට.ඒ මලයාලම් චිත්‍ර පටයක් හරහා.
ඉන්දීය අධ්‍යක්ෂක අනිල් කුමාර්ගේ අධ්‍යක්ෂනයක් වන ලක්නව් නැමැති මෙම සිනමා පටයේ අවසන් රූ ගත කිරීම් ඉදිරි මාස වලදී ඉන්දියාවේ සිදු කිරීමට නියමිත අතර චිත්‍ර පටය ලබන නොවැම්බර් මස සිට ලොව පුර ප්‍රදර්ශනයට නියමිත බවයි දැන ගන්න ලැබෙන්නෙ.
ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන්ට සහ..සුරූපී රංගන ශිල්පිනී පියුමි හංසමාලිට ආදරය කරන හැම දෙනාටම බොහොම කැමැත්තෙන් බලාපොරොත්තු විය හැකි මොහොතක් තමයි ඒ කියලා කියන්න පුලුවන්.

Your Comments