ජනප්‍රිය ඉන්දීය නිලි Jennifer Winget ගේ ඔබ නොදත් තතු

9

Jennifer Winget කියන්නේ අතිශය ජනප්‍රිය වුන ඉන්දීය නිලියක් . ඇයගේ නමින් අමතනවට වඩා ‘මායා ‘ එහෙමත් නැත්නම්’ zoya’ ලෙස තමයි ඇයව කවුරුත් හඳුනන්නේ .

අයව අතිශය ජනප්‍රිය වුන ටෙලි කතා දෙකක් තමයි ‘Beyhadh ‘ සහ ‘Bepannah ‘ කියන්නේ . මෙම ඉන්දියන් ටෙලි කතා මාලා දෙකෙහිම ඇය ප්‍රධාන චරිතය නිරූපනය කලා .

ඒ හරහා විශාල ප්‍රේක්ෂක පිරිසක් ඇයට ආදරය කරන්න ගත්තා . ඉන්දීය ජනතාව අතර මෙන්ම ලාංකික ජනතාව අතරත් ඇය ජනප්‍රිය වුනේ ඉන්දියන් කතා මාලාවේ සිංහල පරිවර්තනය ලංකාවේ එක්තරා නාලිකාවකත් විකාශය විම හේතුවෙන්. රුව දුටු සැනින් හඳුනන ඇය ගැන ඔබ නොදත් තොරතුරු ටිකක් තමයි මේ කියන්න යන්නේ .

ඇයගේ නම තමයි Jennifer Winget . nick name එකක් විදියට Jenni , Maya කියලත් බාවිත කරනවා .ඇය රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා .
1985. 05.30 තමයි ඇයගේ උපන් දිනය . ඇය ක්‍රිස්තියානි ආගමික ඉන්දීය ජාතික කාන්තාවක් වෙනවා .

ඇය මුලින්ම රංගනයට පිවිසෙන්නේ ‘Raja Ko Rani Se Peyar Ho Gaya” සිනමා නිර්මාණයෙන් තමයි ඇය මුලින්ම රංගනයට පිවිසෙන්නේ .
ඉන් අනතුරුව වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිට තිබෙනවා . අනතුරුව තවත් නිර්මාණයන්ට දායක වෙන්න ඇයට හැකියාව ලැබිලා තියෙනවා .

ඇය දායක වුණ නිර්මාණ අතරින් වඩාත් ජනප්‍රියත්වයට පත් වුනේ ‘Beyhadh ‘ සහ ‘Bepannah ටෙලි නාට්‍ය වීම විශේෂත්වයක් .

Jennifer පළමු විවාහයෙන් වෙන් වූ කාන්තාවක්ද වනවා . ඇය විවාහ වී සිටියේ Karan Singh Grover
නමැති අයෙක් සමගයි .
මේ වෙනකොට ඇයගේ පෙම්වතා ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පී Harshad Chopra බවට කට කතාත් පැතිරෙනවා .ඒ පිලිබඳ සත්‍ය අසත්‍ය නම් හරියටම නොදන්නා කාරණාවක් .

ඇය වැඩි දුර අධ්‍යාපනය ලබා විද්‍යා සහ වාණිජ විෂයයන් පිලිබඳ උපධි දාරිනියක් වෙනවා .

ඇය රංගනයෙන් දායක වන නිර්මාණයන් මේ වෙනකොටත් ඉන්දියාවේ විකාශය වෙන බවයි දැන ගන්න ලැබෙන්නේ .
ඇය රංගනයෙන් දායක වන නිර්මාණයක් ඉදිරියේදීත් බලාපොරොත්තුවෙන් සිටීමට යට ආදරය කරන රසික ජනතාවට හැකියාව ලැබෙනවා .

 

Your Comments