චිත්‍රපට අධ්‍යක්ෂ ආනන්ද ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

35

චිත්‍රපට නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂකවරයකු, රංගන ශිල්පියෙකු වන ආනන්ද ෆොන්සේකා මහතා අද(16) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සිනමා නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියගේ බාල සොහොයුරු වන ආනන්ද මහතා ජනප්‍රිය රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකාගේ පියාණන් ද වනවා.

ආනන්ද මහතා මිය යන විට ඔහු 70 වැනි වියේ පසුවුණා.

වෘත්තීයෙන් ඡායාරූප ශිල්පියෙකු වූ ඔහු ‘උමංගයනා’ සිනමාපටයට සහ ‘කෙම්මුර’ටෙලිනාට්‍යයට අධ්‍යක්ෂණයෙන්ද නිෂ්පාදනයෙන්ද දායක විය.

‘කෙම්මුර’ ටෙලිනාට්‍යය වෙනුවෙන් ඔහු සම්මාන ලැබීය.

පාසල් කාලයේ සිටම වේදිකා නාට්‍යවල රඟපෑ ඒ මහතා, ‘තිලක සහ තිලකා’, ‘එයා දැන් ලොකු ළමයෙක්’, ‘ටිකිරා’ වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වී තිබෙනවා.

අංක 51, ධර්මාලෝක මාවත, වරාගොඩ, කැලණිය යන ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී දේහය තැන්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා(18) බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.

 

Your Comments