චතුරිකාට කොවිඩ් පොසිටිව්

39

ජනප්‍රිය රංගන ශිල්පිනී චතුරිකා පීරිස් හට කොරෝනා වෛරසය ආසාදිත බව ඊයේ(27) ඇය තම නිල ෆේස්බුක් ගිණුමේ සදහන් කර තිබුණා.

කොවිඩ් ආසාදනය වී ඇත්තේ ඇයට පමණක් බවත් ඇයගේ සැමියා වන රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලකට හෝ ඔවුන්ගේ පුංචි දියණියට වෛරසය ආසාදිත නැති බවත් ඇය කියා තිබුණා.

වෙනදා වගේම ඇය හොදින් ඉන්නා බවයි චතුරිකා කියල තිබුනේ. බහුතරයකට වගේම ඇයටත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්නුව බවත් ඇය එහි දක්වා තිබුණා.

‘මං මගේ ආදරණීය ඔබ සැමටම කියන්නෙ, හැමෝම පරිස්සමින් ඉන්න.. උණුවතුර , කොත්තමල්ලි , වගේ දේවල් නිතරම ගන්න. steam කරන්න.. එකම දේ , මේ virus එකට බය වෙන්න එපා. මේ තත්ත්වය මුලු ලෝකෙන්ම ඉක්මනට තුරන් වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු..’

යනුවෙනුයි චතුරිකා පීරිස් සටහන් කර තිබුණේ.

මේ අතර මෙරට ජනප්‍රිය ටෙලි නාට්‍ය නළු නිළියන් 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මේ වන විට අනාවරණ වී තිබෙනවා.

මින් පෙර එක් නළුවෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදී එය නොතකා දිගින් දිගටම රූගත කිරීම් සිදු කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ වන විට 30කට අධික නළු නිළියන් පිරිසක් නිරෝධායනයට ලක් කර ඇති බවද වාර්තා වනවා.

Your Comments