ගෝල් ග්ලැඩියේටර්ස් හි නායක පාකිස්තානු ක්රීඩක ෂහීඩ් අෆ්රීඩි සිය දියණිය අසනීපවී රෝහල් ගත කිරීම නිසා නැවතත් පකිස්ථානය බලා පිටත්ව ගොස් තිබෙනවා .
සිය පෞද්ගලික හේතුව සමථයකට පත් වු පසු තමන් නැවත ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරඟාවලිය සමඟින් එක් වන බව ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුනා .
අද දින (03) තරඟයේදී ෂහීඩ් අෆ්රීඩි වෙනුවට කණ්ඩායමේ නායකත්වය ලබා දීමට නියමිත වන්නේ භානුක රාජපක්ෂ යි .
මේ අතර ලංකා ප්රිමියර් ලීග් පන්දුවාර 20 ක්රිකට් තරඟාවලියේ සහභාගී වු තරග 3ම ජය ගනිමින් අපරාජිතව ප්රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ජැෆ්නා ස්ටැලියොන්ස් කණ්ඩායම සමත් වී තිබේ.
Your Comments