ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීධුරය අත්හැරීමේ සුදානමක..

96

යුතුකම ජාතික සංවිධානයේ සභාපති මෙන්ම ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්විම සදහා සුදානමක් පවතින බව වාර්තා වේ.

කොරෝනා අසාදිතව මියයන ඇතැම් පුද්ගලයන්ගේ අවසන් කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දින කිහිපයේ හටගත් මහත් ආන්දොලනය ඊට හේතුව බව සදහන්.

කොරෝනා අසාදිත දෙහයන් පුළුස්සා දැමිමට සෞඛ්‍ය අංශ ගත් තිරණයට ආණ්ඩුවේ ඇතැම් දෙශපාලකයන් විරෝධය දැක්විමෙන් සමාජය නොසන්සුන්තාවයට පත් විමට ආණ්ඩුව ඉඩ දි බලා සිටින බවට ඔහු චෝදනා කරනවා.

මේ නිසා හටගත් සිත් තැවුල හේතුවෙන් මන්ත්‍රීධුරය අත් හැරිමට තමන් සුදානම් බවයි කුමාරතුංග මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ.

ජාතික ව්‍යසනයකදි ජාති බේදයකින් තොරව සaජු තිරණ ගැනිමට වත්මන් ආණ්ඩුවේ ප්‍රධානින් අසමත් වි ඇති බව ද ඔහු පවසනවා.

ප්‍රශ්ණය විසදනවා වෙනුවට එය දඩමිමා කරගනිමින් සිංහල ජාතිකවාදි කදවුරු විනාශ කිරිමට ආණ්ඩුවේම ඇතැම් පිරිස් කුමන්ත්‍රණ දියත් කරමින් සිටින බවටද ගෙවිඳු කුමාරතුංග චොදනා කර තිබේ.

Your Comments