ගායන ශිල්පී ග්‍රැන්විල් රොද්‍රිගෝ දැයෙන් සමුගෙන වසර 22 යි

10
ග්‍රැන්විල් රොද්‍රිගෝ කිව්වහම  එතුමන් ජීවතුන් අතර සිටි කාලේ පිරිස පමණක් නොවෙයි. කොයි කවුරුත් දන්නා කියන කලා කරුවෙක් වෙනවා. ඒ, එතුමන් මේ වන විට අප අතර නොමැති වුනත් ඔහුගේ නිර්මාණ තවමත් ජීවමානව නොනැසී පවතින් නිසාවෙනි.
චන්දන මල් දම්,සකල සිරින් පිරි,ආකාස තලේ,රන් කිරිල්ලියේ වැනි ගීත ගණනාවක් ඔහු විසින් ගායනා කරනු ලැබ තිබුනා. ඒ වගේම මොහු වේදිකා නාට්‍ය සදහාද රංගනයෙන් දායක වී තිබුණා.  එවකට ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායන  ශිල්පියෙක් තමා ග්‍රැන්විල් කියන්නෙ.
ඉතින් ඒ අසහාය ගායන ශිල්පියා දැයෙන් සමු අරන් මේ වන විට වසර 22 ක් වන බව සිහි ගන්වමින් එතුමන්ගේ ආදරණීය පුත් චිරාත් රොද්‍රිගෝ  තම ෆේස්බුක් ගිණුමේ සටහනක් එක් කර තිබුණේ මේ ලෙසින්.
Gone from our sight but never from our hearts. මාගේ පියාණන් වන ඔබ කවුරුත් ආදරය කල ග්‍රැන්විල් රොද්‍රිගෝ මහතා දැයෙන් සමුගෙන අදට වසර 22. තාත්තිගේ ඒ සුන්දර මතකයන් තවමත් අපේ හිත් තුල ජීවමානයි.

Your Comments