රූගත කිරීම් අතරතුර ක්ලාන්තය දැමූ බොලිවුඩ් නලු නිලියන්

9

මීට දින කිහිපයකට පෙර සංජේ ලීලා බන්සාලිගේ ගංගුබායි කැතියවාඩි චිත්‍රපටයේ රූගත කිරීම්වල යෙදී සිටි ආලියාබාත් දර්ශන තලයේදී වෙහෙසට පත් වීම හේතුවෙන් ඇතිවූ අසනීප තත්ත්වයක්‌ නිසා රෝහලකට ඇතුළත් කරනු ලැබූ බවට දැන ගන්න ලැබුනා. ඉන්දීය ආරංචි මාර්ග පවසන පරිදි රාසි නමැති නළුවා ඔක්කාරය සමඟ ඇතිවූ අසනීප තත්ත්වයකින් පෙලී සිට තිබෙනවා .

ගංගුබායි නම් චරිතය රඟපාන ආලියා එදිනම සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා . ඇය පසුදා නැවත වැඩ ආරම්භ කල බවට දැන ගන්න ලැබුණා . ආලියාගේ තත්වය මේ වන විට යහපත් බවයි ඉන්දීය ආරංචි මාර්ග පවසන්නේ . මින් පෙරද බොලිවුඩ් නළු නිළියන් මෙලෙස රූගත කිරීමක් අතරතුර සිටියදී වෙහෙසට පත්ව මෙවැනි තත්ත්වයන් ඇති වූ බවට දැන ගන්න ලැබෙනවා .

Your Comments