කුරුණෑගල බස් නැවතුම්පොළේ රූපවාහිනී තිරයක Blue Film පෙන්නලා…

124

කුරුණෑගල බස් නැවතුම්පොළේ සවිකර තිබෙන රූපවාහිනී තිරයක අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීමේ සිද්ධියක් වර්තාවනවා.

එම සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන ලෙස කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා කුරුණෑගල පොලීසියට දැනුම් දී ඇති බවද සදහන්.

කුරුණෑගල නගරයේ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් වසා දමා තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රධාන බස් නැවතුමේ ජනතාව නොගැවසෙන අවස්ථාවක එහි සවිකර තිබෙන රූපවාහිනී තිරයක ලිංගික ජවනිකා සහිත අසභ්‍ය වීඩියෝවක් ප්‍රදර්ශන කරන ආකාරය කිසිවෙකු විසින් වීඩියෝ ගතකර එය සමාජ මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ කර ඇත.

ඊට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ ප්‍රධාන බස් නැවතුම්පොළේ ආරක්ෂාවට යොදවා සිටින ආරක්ෂක නිලධාරීන් බව නගරාධිපතිවරයා චෝදනා කරනවා.

Your Comments