සිද්ධාර්ථ ගෞතම් ටෙලි නාට්‍ය සමගින් රංගනයට පිවිසි කඩවසම් නළු කැළුම් ශ්‍රී මේ වන විට පිය පදවිය ලැබීමට සූදානම් බව ආරංචි වෙනවා .
ලබන වසරේදී ඔවුන්ගේ පුංචි පවුලට කිරි කැටියා පැමිණෙන බවයි ඔහු පවසා සිටියේ .
කැළුම් කිව්වේ ආදරණිය බිරිඳ දුලීට ලැබෙන්න ඉන්නේ පුතෙක් කියලයි .
පුංචි පුතු පැටියව පිළිගන්න නොඉවසිල්ලෙන් බලන් ඉන්න බවත් තමයි ඔහු කියා සිටියේ .
කැළුම් ශ්‍රී සිය සුරූපී බිරිය සමගින් කල ෆොටෝ ෂුට් එකක් මේ දිනවල සමාජ මාධ්‍ය අතර බහුලව හුවමාරු වෙමින් පවතිනවා .
ඔවුන්ගේ පුංචි කැදැල්ල වෙනුවෙන් ඔහුගේ රසික පිරිස වගේම සහෝදර රංගන ශිල්පින් රැසකුත් සුභ පැතුම් එක කර තිබුනා .
Your Comments