කාගෙවත් ඉල්ලීමක් කල් දාන්න, මග අරින්න එපා – ශනුද්‍රිගෙන් ඉල්ලීමක්

38

ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියක් වන ශනුද්‍රි ප්‍රියසාද් සිය මුහුණු පොතට එක් කළ ඡායාරූපයක් සහ ඒ සම්බන්ධව ඇය විසින් තබා තිබූ සටහන තමයි පහතින් ඔබ දකින්නේ.

“මේ photo එක ගත්තේ අගෝස්තු 11 මේ නංගි ව බලන්න මම වාද්දුවට ගිය වෙලේ. කලින් දවසේ එයාගේ අම්මා මට කතා කරලා කිව්වා නංගිට පිලිකාවක්, එයාගේ ආසාව මාව බලන්න කියලා. ඉතින් මම ගියා. එයාව දැකපු වෙලේ මට කදුලු ආවත් මම එයාට පෙන්නුවේ නෑ. දවස් ගානකින් හිනා වුනේ නැති නංගි මම ආපු නිසා එදා හොදට නැගිටලා හිනාවුනා. එයාට කතා කරන්න පුලුවන් ඒත් කතා කරොත් සෙම ඇවිස්සෙන නිසා කතා කරන්න අමාරුයි. මට hope එකක් තිබුනා එයා හිමීට සනීපවෙයි කියලා. ඒත් අද උදෙන්ම නංගි ගේ අම්මා කතා කරලා කිව්වා නංගි නැති වුනා, අවසන් කටයුතු අද කියලා. මේ photo එක මම upload කරන්න හිතාගෙන ගත්තු එකක් නෙමෙයි එයාව මතක් වෙන්නයි ගත්තේ. ඒත් දැන් එයා මේ ලෝකේ නැති නිසා මේක ඔයාලට කියන්න හිතුනා. කාගෙවත් ඉල්ලීමක් කල් දාන්න, මග අරින්න එපා. අපිට ඒක තවත් එක ෙදයක් විතරක් වුනාට, අනිත් කෙනාට ඒ දේ මුලු ජීවිතේම වෙන්න පුලුවන්. අපට කිසි හානියක් නැති, තව කෙනෙක් සතුටු වෙන මොනමහරි දෙයක් තියෙනවා නම් ඒ දේ පුලුවන් ඉක්මනට කරන්න.
ආයෙත් ඉපදෙන කිසිම ආත්මෙක මෙවන් රෝගයක් මේ නංගිට වගේම වෙන කාටවත්ම හැදෙන්න එපා කියලා මම යාච්ඤා කරනවා ♥️
අපි ආයෙත් කොහේහරි හමුවෙනකන් සුභ ගමන් නංගි✨”

 

Your Comments