ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නත හදන්න ප්‍රමුඛ වන ලාංකික කාන්තාව

28

කොවිඩි-19 නව කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා මේ වනවිට එන්නත් නිෂ්පාදනය වෙමින් ඒවායේ අත් හදා බැලීම් කෙරෙමින් තිබෙනවා.

මේ වනවිට ඇමෙරිකාවේ විද්‍යාඥයන් සොයාගත් එන්නත් දෙකක් සියයට 95ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව සදහන් වෙනවා.

ඒ අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම නිෂ්පාදනය කළ එන්නත සියයට 90ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව සදහන් වේ.

එසේ නිෂ්පාදනය කළ එම කොවිඩි 19 එන්නත සාර්ථක කරගැනීමේ කටයුත්ත පිටුපස ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලාංකික විශේෂඥවරියක්ද සිටී.

ඇය නමින් ආචාර්ය මහේෂි රාමසාමිය.

ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සායනික පර්යේෂිකාවක් ද වේ.

ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල රෝහලේ ජාතික සෞඛ්‍ය සේවා පදනම් භාරයේ බෝවන රෝග සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ වෛද්‍යවරියකි.

කොළඹ විශාකා විද්‍යාලයෙන් සහ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලෙන් ඇය සිය ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය ලබා තිබෙනවා.

ලෝක ප්‍රකට විද්‍යා සගරාවක් වන ලාන්සර් සඟරාවේ කොවිඩ් 19 වෛරසය, එන්නත, ආරක්ෂාව හා ප්‍රතිශක්තීරණය සම්බන්ධයෙන් පසුගිය සතියේදී පළවූ අධ්‍යයනයේ ප්‍රමුඛ පර්යේෂකයා හා කතුවරයා වන්නේ ද ආචාර්ය මහේෂි රාමසාමිය.

ඇයගේ මව් පියන්ද ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෝ‍ වෙයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගිය වසරකදී  (2012) සංවිධානය කළ ජාත්‍යන්තර වෛද්‍ය සමුළුවේ ගෞරවාන්විත කථිකයා වූයේ ද ආචාර්ය මහේෂි රාමසාමිය.

ආචාර්ය මහේෂි රාමසාමි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ක්‍රියිස්ට් විද්‍යාලයෙන් සිය වෛද්‍ය උපාධිය ලබාගත් අතර බෝවන රෝග සම්බන්ධයෙන් ලන්ඩන් හා ඔන්සේෆෙහිදී අධ්‍යාපනය හා පුහුණුව ලබා ඇත.

ඇය ඔක්ස්ෆර්ඩ්හිදී විශ්වවිද්‍යාලයේ වඩම් විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගෙන තිබේ.

Your Comments