උපේක්ෂා දෙගිඩියාවෙන් – දෝණිට, නංගියෙක් ද? මල්ලියෙක් ද?

1943

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ හැමදාමත් එක වගේ රසික හිත් ආදරයෙන් වැලඳගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

විටෙක දේශපාලන වේදිකාව තුළිනුත් ඔබ අතරට ආ ඇය මේ දිනවල නම් සියලු දේශපාලන කටයුතු වලින් ඈත් වෙලා කලාවට පමණක් මුල්තැන දෙමින් කසිටින්නේ.

මෑතක පුවත්පතක ලිපියකදී ඇයගෙන් අහලා තිබ්බේ

” දෝණිට නංගියෙක් හරි මල්ලියෙක් හරි ගේන්න අදහසක් නැද්ද කියලා”

උපේක්ෂා දුන් පිළිතුර තමයි,

“ඔව්, අපි ඒ ගැන දෙගිඩියාවෙන් ඉන්නේ. මහත්තයත් ඒ ගැන බලපෑම් කරලා නැහැ. හැබැයි දරුවාගේ පැත්තෙන් හිතුවම එයාට සහෝදරයෙක් හරි සහෝදරියක් හරි හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි අද කාලේ දරුවෙක් හදන එක ලොකු වගකීමක්. දරුවන්ගේ පෝෂණයේ ඉඳන් එයාව හරියට හදන එක දක්වා තියෙන්නේ බැරෑරුම් තත්ත්වයක්. ඒ නිසා තව දරුවෙක් හදන්න අපිට ලොකු බලාපොරොත්තුවක් නැහැ. දුවට දෙන්න ඕන දේවල් හරියට දීලා එයා හරි විදිහට සමාජයට අතහරින්නේ කොහොමද කියලා අපි හිතන්නේ.”

 

Your Comments