උපන් දිනය දා ශේෂාද්‍රිට පෙම්වතාගෙන් යෝජනාවක්

22

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍ය තුල වගේම රංගන ක්ෂේත්‍රයෙත් නිතරම කතා බහට ලක් වෙන චරිතයක් .
සුරූපී ඇයට ඊයේ දිනය කියන්නේ බොහොම විශේෂ දිනයක් . ඒ ඇය සිය 29 වන උපන්දිනය සමරපු නිසා .

මේ විතරක් නෙමෙයි තවත් එක් විශේෂම සිදුවීමක් ඇයගේ උපන්දිනය යෙදී තිබුණ ඊයේ දිනයේම සිදු වුනා .

ඒ තමයි ශේෂාද්‍රි ගේ පෙම්වතා වෙන ක්‍රිෂාන් ඇයට විවාහ යෝජනාවක් ගෙන ඒම .
ඒ වෙනුවෙන් කලා ක්ෂේත්‍රයේ ඇයගේ මිතුරු මිතුරියන්ද සුභ පැතුම් එක කර තිබුනා .

ක්‍රිෂාන් සහ ශේෂාද්‍රි පෙම්වතුන් බව මේ වන විට නොරහසක් .ශේෂාද්‍රිගේ අතිනත ගැනීමට සිටින ඔහු දක්‍ෂ ගයන ශිල්පියෙක් වගේම ඩොක්ටර් සංගීත කණ්ඩායමේ වාදන ශිල්පියෙක්ද වෙනවා .

ඔවුන්ගේ රසික පිරිසද සමාජ මාධ්‍ය හරහා ඔවුන් දෙදෙනාට සුභ පැතුම් එක කර සිටියා .

Your Comments