නුගේගොඩ ප්රදේශයේ අන් සතු ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කර ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් කිසියම් පුද්ගලයකු විසින් සමාජ ජාලා වෙත මුදාහැර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා , ඇමැතිවරුන් වන චමල් රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා ගේ නම්ද එම ජාවාරම්කරුවන් විසින් සදහන් කර ඇති බව එම වීඩියෝවේ සඳහන්.
මේ සම්බන්ධයෙන් ඇමැති නාමල් රාජපක්ෂ මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් තබා ඇත.
ඔහු එමගින් සඳහන් කරන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් බලධාරීන් පරීක්ෂණ කරමින් සිටින බවය.
එමෙන්ම මෙම සිදුවීමට තමන් හෝ තම පවුලේ කිසිදු සාමාජිකයෙක් සම්බන්ධ නැති බවට සහතික වන බව ද නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
Saw a video on social media which implicates myself & members of my family. Relevant authorities are already looking in to this matter. Incidents such as this shud not be taken lightly! I can assure that no one from my family is involved or affiliated to this. pic.twitter.com/Wn2iWfBCY1
— Namal Rajapaksa (@RajapaksaNamal) October 31, 2020
Your Comments